Monday, 29 April 2024

රුවන්වැලි මහා සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කිරීම අද

Posted On Tuesday, 26 November 2019 04:46

අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කරන ලද චූඩා මාණික්‍යය පැළඳ වූ නව කොත් වහන්සේ නිරාවරණය කිරීම අද (26) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.



වසර 80 කට වඩා පැරණි චූඩා මාණික්‍යය පළුදු වී දුර්වර්ණ වීම නිසා මෙම රන් පාදමක් සහිත නව චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.
නව චූඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණය යි.
මෙම චූඩා මාණික්‍යය රුවන්වැලි මහසෑරඳුන්ට පැළඳවීමට පෙර ජනතාවට දැක බලා ගැනීම සඳහා පසුගිය නොවැම්බර් 18 වන දින සිට කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක දී අවස්ථාව සලසා දී තිබුණු අතර ඊයේ (25) දහවල් 12.00 දක්වා රුවන්වැලි සෑ පුදබිමේ දි ද ප්‍රදර්ශනය කෙරුණි.