Wednesday, 08 May 2024

වැසි වැඩිවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Sunday, 07 June 2020 15:46

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ටවැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව අද (07) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.