Tuesday, 21 May 2024

පලාත් පහකට තද වැසි, දිස්ත්‍රික්ක 5 කට නාය යාමේ අවදානම්,පැය 3 කට මිනුවන්ගොඩට මි.මි.109 ක්

Posted On Monday, 20 July 2020 10:07

අද (20) පෙරවරු 8.30 සිට 11.30 දක්වා වූ පැය 03 ක කාලය තුලදී වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එය මිලීමිටර් 109 ක අගයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිට අමතරව ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 82ක්, මැනික්කන්ද මිලිමීටර් 78.5ක් සහ යක්කලමුල්ල මිලිමීටර් 74.5 ක් ලෙස වර්ෂා පතනයක් වාර්තා වී තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුල තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 වැඩි තද වර්ශාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර සිටින්නේ 

මීට අමතරව කොළඹ , කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක සදහා නායයාමේ අවදානම් නිකුත් කර ඇත.