Saturday, 27 April 2024

දීර්ඝ නිවාඩුවේ දී ඡන්දය දැමීමට ගමට යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවයක්

Posted On Thursday, 30 July 2020 08:17

සති අන්තයේ දිර්ඝ නිවාඩුක් හෙට (31) සිට ආරම්භ වන අතර 05 වන දාට පැවැත්විමට නියමිත මහා මැතිවරණය හේතුවෙන් ගම්බිම් බලා යන මඟි ජනතාව සඳහා තදබදයකින් තොරව යාම සඳහා පිට කොටුව මධ්‍යම බස් නැවතුමෙන් අතිරේක බස් රථ 100කට වැඩි ප්‍රමාණයක් යෙදවිමට සැලසුම් කර ඇතැයි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.ඒ.එච් පණ්ඩුක මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසීය.

 

වැඩිදුරටත් අදහස් දැක් වු ,ඒ මහතා සිකුරාදා හා සෙනසුරාදා දිනවල දි පිටපළාත් සඳහා යාමට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවයි. දෛනික ව පිට කොටුව නැවතුම්පොළෙන් පිට පළාත් සඳහා බස්රථ 800 -1000 අතර ධාවනය වේ.

එසේම සති අන්ත නිවාඩු නිමවීමෙන් හා මහා මැතිවරණය නිමවිමෙන් පුසව නැවතත් කොළඔ ලබා ගමන් ගන්නා මඟින් සඳහා ද ලංගම ප්‍රාදේශීය බස්රථ යෙදීමට ද සැලසුම් කර ඇතැයි කී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා,බදුල්ල,හැටන්,වැලිමඩ,මහනුවර,කතරගම,මඩකළපුව,අම්පාර,අනුරාධපුරය පිටපළාත් සඳහාද අතිරේක බස් රථ යොදවා ඇති බවකීය. එසේම මාකුඹුර,කඩවත හා කඩුවෙල යන අධිවේගී මාර්ග වල ගමන් ගන්නා බස් නැවතුම්පලවල් සඳහා වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමට ද කටයුතු කර තිබේ.

එසේම කොළඔ දිස්ත්‍රික්කය තුළ ද මැතිරණය පැවැත්වෙන අගොස්තු 05 වන දින සාමාන්‍ය අයුරෙන් ලංගම බසරථ ධාවනයට කටයුතු යොදා ඇතැයි ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.ඒ.එච් පණ්ඩුක මහතා කීය.