Friday, 03 May 2024

නවතම යාවත්කාලීන කිරීම- හුදකලා තත්ත්වය ඉවත් කෙරෙන සහ තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ

Posted On Sunday, 29 November 2020 15:59

නවතම යාවත්කාලීන කිරීම- හුදකලා තත්ත්වය ඉවත් කෙරෙන සහ තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ

 

* මට්ටක්කුලිය, වෙරළබඬ සහ පිටකොටුව යන පොලිස් වසම්වලට පනවා තිබූ හුදකලා තත්ත්වය හෙට (30) පෙ.ව 5.00 ට ඉවත් කෙරේ
* මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය හෙට (30) පෙ.ව 5.00 සිට හුදකලා කෙරේ

* වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය,සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් හෙට (30) පෙ.ව 5.00 සිට හුදකලා කෙරේ

* ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම හෙට (30) පෙ.ව 5.00 සිට හුදකලා තත්ත්වය ඉවත් කෙරේ

* ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල,පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙයි

 

s1

s2

s3