Friday, 26 April 2024

සංශෝධිත සුරාබදු මාධ්‍ය නිවේදනය - සියඵම සුරාබදු බලපත්‍රධාරීන්ගේ දැනගැනීම පිණිස

Posted On Sunday, 02 May 2021 16:22

සංශෝධිත සුරාබදු මාධ්‍ය නිවේදනය - සියඵම සුරාබදු බලපත්‍රධාරීන්ගේ දැනගැනීම පිණිස

 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් 2021. 05. 01 දිනැතිව නිකුත් කරන ලද අංක 409 / 2021 දරන නිවේදනය ප්‍රකාරව සියඵම සුරාබදු බලපත්‍රලාභීන් විසින් පහත දැක්වෙන පරිදි කටයුතු කල යුතු බවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

I. Pubs සහ Bars, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා නැවත දන්වන තුරු වසා තැබීමට නියෝග කර ඇති බැවින්, එකී ස්ථාන සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රවල ක්‍රියාකාරීත්වය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

II. හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර රාත්‍රී 10.00 න් පසුව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

III. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී යම් ගැටඵවක් පැනනැගුන හොත් සුරාබදු මූලස්ථානයේ, සුරාබදු කොමසාරිස් / නීති ක්‍රියාත්මක කිරීම් ( 077-260-2842 ) අමතා උපදෙස් ලබාගත යුතුය.

2. තවද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 2021. 05. 01 දිනැතිව නිකුත් කරන ලද කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමටත්, ඉහතින් සඳහන් කරන ලද ස්ථාන වලට අමතරව තැබෑරුම් ද වසා තැබීමටත්, සෙසු මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර නියමිත වේලාවන් තුල පමණක් විවෘතව තැබීමටත් වගබලාගත යුතුය.

 

කපිල කුමාරසිංහ

සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්),

මාධ්‍ය ප්‍රකාශක / ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව.