Friday, 26 April 2024

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 62247ක් ආපදාවට- සෙවීම් සහ මුදවා ගැනීමේ ක‍‍ණ්ඩායම් තවදුරටත් ස්ථානගත කරයි

Posted On Wednesday, 10 November 2021 09:06

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 62247ක් ආපදාවට- සෙවීම් සහ මුදවා ගැනීමේ ක‍‍ණ්ඩායම් තවදුරටත් ස්ථානගත කරයි

 

අයහපත් කාලගුණික තත්වය දිවයිනේ දිස්ත්‍රික්කයන් 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126කට බලපෑම් ඇති කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව බලපෑමට ලක්ව ඇති පවුල් 17481ක පුද්ගලයන් 62247ක් මේ වන විට හඳුනා ගෙන ඇති බවත් පවුල් 384කට අයත් පුද්ගලයන් 1498ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවත් එම ම මධ්‍යස්ථානය වැරඩිදුරටත් දන්වා සිටී.

දිස්ත්‍රික්ක 7කින් පුද්ගල මිය යාම් 16ක් මේ වන විට වාර්තා වී ඇති අතර පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒක් පුද්ගලයකු අතුරුදහන් වී ඇත.

වැඩිම පුද්ගල සංඛ්‍යාවක් බලපෑමට ලක්වී ඇත්‌තේ යාපනය දිස්ත්‍රික්කයේ වන අතර ඒම සංඛ්‍යාව 25,508කි.මේ දක්වා පූර්ණ නිවාස හානි 18ක් වාර්තා වී ඇති අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 960ක් වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් අවදානම් තත්වය තවදුරටත් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම , අගලවත්ත , බුලත්සිංහල පාලින්දනුවර දොඩංගොඩ, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , ඇල්පිටිය ,රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම , රත්නපුර , ඇහැලියගොඩ, කලවාන , මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට , උකුවෙල , මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර , මිණීපේ , මැදදුම්බර , පූජාපිටිය , උඩුදුම්බර , දෙල්තොට , හතරලියද්ද , අකුරණ , පන්විල , කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තවදුරටත් නාය යාමේ අවදානමක් ඇති බව ඒම මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
දිස්ත්‍රික්ක කිහිපයක නායයාම අවදානම් තත්වය ඉවත් කර තිබේ.ඒ් අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , රුවන්වරල්ල , මාවනැල්ල , අරණායක , බුලත්කොහුපිටිය , දෙහිඔ්විට , රඹූක්කන , කෑගල්ල , මාවනැල්ල ,වරකාපොල , ගලිගමුව , මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව , දොලුව , යටිනුවර උඩපලාත, පස්බාගේකෝරළය, ගඟවට කෝරළය , උඩුනුවර ගඟ ඉහළ කෝරළය , කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය , රිදීගම , අලව්ව , නාරම්මල , මාවතතම, පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පනවා ඇති නාය යාම් අවදානම ඉවත් කර තිබේ.
වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මල්වතුඔය ද්‍රෝණීයේ වෙන්ගලවෙඩ්ඩිකුලම් , මඩු , මුසාලෛ , නැනඩ්ඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්වයක් ඇති වීමේ අවදානම් තත්වයක් ඇති බවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.තවද ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්වල මහ ඔය ද්‍රෝණීයේ දිවුලපිටිය , නාරම්මල , දංකොටුව , අලව්ව , මීරිගම , පන්නල , වෙන්නප්පුව , මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද ඉදිරි පැය කිහිපය ඇතුළත සුළු ගංවතුර අවදානමක් ඇති විය හැකි බවටද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

ගංවතුර තත්වය සඳහා සෙවීම් සහ මුදවා ගැනීමේ ක‍‍ණ්ඩායම් තවදුරටත් ස්ථානගත කර ඇති අතර ගුවන් හමුදා කණෟඩායම් දෙකක් සමග හෙලියානා 02ක් රත්මලාන සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළත් පාලවී ගුවන් හමුදා කඳවුර තුළ ආපදා තොරතුරු ලබා ගැනීම සඳහා ඩ්‍රෝන යානාවක්ද ස්ථානගත කර ඇත.

රාජාංගණය වැවේ තවත් දොරටු දෙකක් විවෘත කර ඇති අතර තිසා වැව , අභය වැව වාන් දමමින් පවතින බවත් නාච්චාදූව වැවේ නුවර වැව දෙසට දොරටු 8ක්ද මේ වනවිට විවෘත කර ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.