Sunday, 12 May 2024

පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම ලංගම ඩිපෝ 45 කින් ඇරඹේ

Posted On Saturday, 05 March 2022 12:42

පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම ලංගම ඩිපෝ 45 කින් ඇරඹේ


පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම ලංගම ඩිපෝ 45 කින් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද පෙරවරුවේ (05) සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

අද හවස්වරුව වන විට සෙසු ඩිපෝවලටත් ඉන්ධන සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් එමගින් පෞද්ගලික බස්රථ සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත රථවලට ඉන්ධන සැපයිය හැකි බවත් ඔහු කීවේය.

2022.03.05 පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාගත හැකි ඩිපෝ

කොළඹ - හෝමාගම, මොරටුව, මීතොටමුල්ල, තලංගම, උඩහමුල්ල
ගම්පහ - ජාඇල, කිරිදිවැල, කඩවත, නිට්ටඹුව
කලුතර - අලුත්ගම, හොරණ, කලුතර, මතුගම
නුවර - මහනුවර දකුණ, උඩුදුම්බර.
රුහුණ - අම්බලන්ගොඩ, අකුරැස්ස, ඇල්පිටිය, හක්මණ, මාතර,
උඩුගම, කතරගම, තංගල්ල
නුවරඑළිය - හඟුරන්කෙත
සබරගමුව - දැරණියගල, ඇඹිලිපිටිය, ගොඩකවෙල, කලවාන
ඌව - මොණරාගල, වැල්ලවාය
වයඹ - කුලියාපිටිය, නිකවැරටිය, ගල්ගමුව
රජරට - අනුරාධපුරය, දඹුල්ල, හොරෝපතාන, කැබිතිගොල්ලෑව,
පොළොන්නරුව
උතුර - කරේනගර්, යාපනය, කිලිනොච්චිය
නැගෙනහිර - මඩකලපුව, කලවන්චිකුඩි, කාත්තාන්කුඩි, මුතූර්