Sunday, 12 May 2024

මැදින් පුර පසළොස්වක පොහොය අද

Posted On Thursday, 17 March 2022 15:48

මැදින් පුර පසළොස්වක පොහොය අද


මැදින් පුර පසළොස්වක පොහොය අද(17) යෙදී ඇත.

මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.

බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු වූ බවද ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බව සඳහන් වෙයි.

අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා පවැත්වෙයි