Saturday, 27 April 2024

ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න පක්ෂ නායකයින් තීරණය කර ඇත.

Posted On Saturday, 09 July 2022 14:55

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් තීරණය කර ඇත.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන්ගේ තීරණයකථානායකවරයා වෙත දන්වා තිබේ.

 ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීම කැඳවා තිබිණි. පක්‍ෂ නායකයන් ගන්නා ඕනෑමතීරණයකට තමන් එකඟ වන බව ජනාධිපතිවරයා අගමැතිවරයාට දන්වා තිබිණි. ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන ජාතික ජනබල වේගය සහ සමගි ජනබල වේගය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් මෙමරැස්වීමට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මුලදී ඉල්ලා අස්විය යුතු බවට කළ ඉල්ලීම, නොතකා හරින ලද අගමැතිවරයා පසුව සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවපිහිටුවීමෙන් පසු තමන් එසේ කිරීමට කැමති බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ඉතිරි කාලය සඳහා පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගන්නා තෙක් අගමැතිවරයා මඟ හරිමින් කථානායකවරයා  පාලනයභාරගනු ඇත.