Sunday, 22 June 2025

අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ - දුම්රිය සාමාන්‍යධිකාරී

Posted On Monday, 11 July 2022 06:28

අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ - දුම්රිය සාමාන්‍යධිකාරී


අද (11) සිට සුපුරුදු පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය අමතා ප්‍රකාශ කළේය.

පසුගිය දින පොලිස් ඇඳිරි නීතිය පනවා තිබූ බැවින් දුම්රිය ධාවනය කටයුතු නවතා තිබූ අතර ඊයේ සහ අද යන දෙදින තුළ දුම්රිය ධාවනය වීමේ තරමක ප්‍රමද වීම් සිදු කෙරුණු බවත් නමුත් අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සිදු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.