Thursday, 18 April 2024

ජනාධිපති ධූරයට නාම යෝජනා කැඳවීම හෙට

Posted On Monday, 18 July 2022 08:58

ජනාධිපති ධූරයට නාම යෝජනා කැඳවීම හෙට


පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිදු කිරීමට නියමිතය.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ලබන 19 වන අගහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදු වෙයි.