Friday, 19 April 2024

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි

Posted On Tuesday, 19 July 2022 07:50

පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද අද (19) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.