Thursday, 25 April 2024

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම ඇරඹේ

Posted On Tuesday, 19 July 2022 07:53

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම ඇරඹේ


පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්හ විය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීමට මහලේකම්වරයා විසින් තෙර්ම්භාර නිලධාරි ලෙස කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කතානායකවරයා නිවේදනය කළේ ය

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව සඳහා නාම යෝජනා භාරගැනීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සිදු කරයි

එම පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අද (19 වන අගහරුවාදා ) නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව හෙට (20 වැනි බදාදා) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදු වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධූරයෙන් පසුගිය දා ඉල්ලා අස්වීමෙන් තනතුර පුරප්පාඩු වූ අතර එම තනතුරේ මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරයි.