Friday, 26 April 2024

ගාලු මුවදොර අරගල කරුවන් ඉවතට

Posted On Friday, 22 July 2022 03:46

 

 

ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිස් සහ ත්‍රිවිධ හමුදාවවිසින් බලහත්කාරයෙන් ක්‍රියාකිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) තරයේ හෙළා දකින බව නිවේදනය කර  ඇත.

 

අවම වශයෙන් එක් නීතිඥයෙකු සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඇතුළුව සන්නද්ධ හමුදා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්බව  ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කළේය.

 

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතීඥයින් කිහිප දෙනෙකුතමාට දැනුම් දුන් බව BASL සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළ අතර නීතීඥ නුවන් බෝපේගේ ඇතුලූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔහු කියා සිටියේය.

 

අනවශ්‍ය ලෙස බලය යෙදවීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් සිදු වන බව BASL සභාපතිවරයා පැවසීය. ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයටඇතුළුවීම වළක්වා ඇත. ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කළ නීතීඥවරුන් ආරක්ෂක නිලධාරීන් විසින් වළක්වා ඇත. තමවෘත්තීය හැකියාවට මැදිහත් වීමට උත්සාහ කළ අවම වශයෙන් නීතීඥවරුන් දෙදෙනෙකුට පහර දී ඇති බව BASL වෙත දන්වාඇත. නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන ආකාරය වීඩියෝ දර්ශන ද පෙන්නුම් කරන බව BASL නිවේදනයවැඩිදුරටත් සඳහන් කරයි.

සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රිවිධ හමුදාවේ අසාධාරණ සහ අසමාන ක්‍රියා වහාම නතර කරන ලෙස BASL ඉල්ලා ඇත.

තමා සහ ඔහුගේ රජය නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාසහතික විය යුතු බව ද BASL ඉල්ලා සිටියේය. නව ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු දිනයේදීම සිවිල් විරෝධතාමැඩපැවැත්වීම සඳහා සන්නද්ධ හමුදාවන් යොදා ගැනීම නින්දිත වන අතර එය සමාජ, ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයටබරපතල ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ තිබේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඊට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගගන්නා ලෙසත් BASL ඉල්ලා සිටී.