Friday, 29 March 2024

දුම්රිය සේවයේ ඵලදායිත්වය වෙනුවෙන් කෙටිකාලීනව සිදු කළ හැකි වෙනස්කම් සිදුකරමින් තිබෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Posted On Wednesday, 10 August 2022 07:34

දුම්රිය සේවයේ ඵලදායිත්වය වෙනුවෙන් කෙටිකාලීනව සිදු කළ හැකි වෙනස්කම් සිදුකරමින් තිබෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

 

දුම්රිය සේවයේ ඵලදායිත්වය වෙනුවෙන් කෙටිකාලීනව සිදු කළ හැකි වෙනස්කම් සිදුකරමින් තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි. දුම්රිය සේවයේ අඩුපාඩුකම් රාශියක් තිබෙන බව හඳුනාගෙන ඇති අතර ආයතනිකමය වශයෙන් හා සංවිධාන ව්‍යුහය වශයෙන් එහි විශාල වෙනස්කම් සිදු කළ යුතු බවත්, එය කෙටිකාලයක් තුළ සිදු කළ නොහැකි නමුත් කෙටිකාලීනව සිදු කල හැකි දේ මේ වන විට සිදු කරගෙන යමිත් තිබෙන බවත් හෙතෙම පැවසීය.

පසුගිය දා දුම්රිය සේවයට Jaffna Knit Rider ශීඝ්‍රගාමි වායුසමනය කල රාත්‍රී විශේෂ දුම්රියක් ආරම්භ විය. ඒ සඳහා ජනතවගෙන් විශාල ප්‍රසාදයක් ඇති ව තිබෙන බවත්, චෝදනා ලෙස පැමිණෙන්නේ ආසන වෙන් කර ගත නොහැකි ලෙස බවත්, ඉතා විශාල වෙන් කිරීම් ප්‍රමාණයක් එම දුම්රිය වෙත ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

මේ වන විට විශේෂ රාත්‍රී දුම්රියක් ද ක්‍රියාත්මක වෙන බවත් ඊට අමතරව යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා කාර්යාල දුම්රියක් මේ වන විට ආරම්භ කරන ලදුව මේ වන තෙක් නොලැබී කාර්යාල දුම්රිය පහසුකමක් එමඟින් ලැබීම පිළිබඳව ඊට ද උතුරුකරයේ ජනතාවගෙන් ඉතා විශාල ප්‍රසාදයක් තිබෙන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ගයේ පවතින සංඥා පද්ධතිය වෙනස් නොකර දුම්රිය ගමන් වාර වැඩි කර නොහැකි බව පැවසු හෙතෙම විනාඩි පහකට වරක් දුම්රිය ධාවනය කළ හැකිවන ලෙස මාස තුනක් ඇතුළත සංඥා පද්ධතිය වෙනස් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පවසන ලදී.