Sunday, 28 April 2024

අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියාවට අවසර නෑ - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

Posted On Monday, 22 August 2022 06:12

අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියාවට අවසර නෑ - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය


අවුරුදු 45ට වැඩි කාන්තාවන්ටත් බාලවයස්කාර දරුවන්ගේ බාලවයස්කාර දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රැකවරණ වාර්තාව අනිවාර්යයි.

රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනිමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු රැකවරණ වැඩපිළිවෙල සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවරු කිරිම අනිවාර්ය වේ. මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. 2022.06.27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇත.

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.

තවද රැකියාවක් සඳහා විදේශ ගතවන කාන්තාවන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින/නොසිටින බව හෝ වයස අවුරුදු දෙකට වැඩි, අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින මව්වරුන් එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධ දිව්රුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම නිලධාරි ලවා සහතික කර, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය.

එසේ සම්පුර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) වෙතිත් තහවරු කරගත යුතු අතර එම නිලධාරියා විසින් සිදුකරන ලබන විදේශ ගත විම සඳහා නිර්දේශ කිරිම හෝ නිර්දේශ නොකිරිම පිළිබඳ තොරතුරු දුරකථන කෙටි පණිවුඩයක් මඟින් (SMS) කාර්යාංශය වෙත තහවුරු කළ යුතුවේ.

එසේ වුවද, අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති චක්‍රලේඛනය අනුව කාර්යාංශයේ ලියාපදිංචිව රැකියාවක් සදහා විදේශ ගතවී සිට නැවත (Re-entry) වීසා සකස් කරගෙන මෙරටට පැමිණෙන කාන්තාවන් හා කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශ ගතවී සිට පැමිණ මාස 6ක කාලසිමාව තුලදි යළි විදේශ ගතවන කාන්තාවන් මෙම වාර්තාව ලබාදිමෙන් නිදහස් කර ඇත.

එසේම විශේෂයෙන්ම මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොමැති කාන්තාවන් අනිවාර්යෙන් මෙම වාර්තාව ලබාගත යුතු අතර, එසේ නොවන අයට රැකියාවක් සඳහා විදේශ ගතවීමට කිසිදු අවස්ථාවක් හිමි නොවේ. නව සංශෝධනයට අනුව 2022.08.19 දින සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව කාර්යාංශය දන්වා සිටියි.

මෙයට අමතරව, මිට ඉහත දි ක්‍රියාත්මක වු වයස අවුරුදු 45 ඉක්ම වු කාන්තාවන් මෙම සීමාවන් තුලින්, ඉවත්කර තිබුනද 2022.08.19 දින සිට කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනිම සඳහා අවශ්‍ය කරනු ලබන ලේඛන සම්පුර්ණ කළයුතුවේ. මෙම ක්‍රියාවලිය හුදෙක් විදේශගත වන මව්වරුන්ගේ දරුවන්ගේ රැකවරණය සහ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථකව සිදුකරලිම සඳහා ගනු ලැබු පියවරක් වේ.තවද විදේශ සේවයේ නියුතු කාලසිමාව තුලදි දරුවන්ගේ වගකිම වෙනුවෙන් බැදි සිටිමට පෙනිසිටින පවුලේ සාමාජිකයන් හදුනාගැනිමත්, අමාත්‍යංශය හෝ කාර්යාංශ නිලධාරින්ගේ විශේෂිත මැදිහත්විමක්/සහනයක් අවශ්‍යයැයි හදුනාගනු ලබන පවුල් සඳහා එම සහනයන් වඩා එලදායි ලෙස ලබා දිම පිළිබඳව සකස් කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිරිම මෙමගින් අපේක්ෂා කෙරේ.