Friday, 19 April 2024

වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්

Posted On Tuesday, 25 October 2022 16:43

වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්

 

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහඋතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.