Wednesday, 24 April 2024

අවශ්‍යතාවය පරිදි සයිනොෆාම් එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් ලබාගන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Posted On Wednesday, 02 November 2022 17:48

අවශ්‍යතාවය පරිදි සයිනොෆාම් එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් ලබාගන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

 

යම් පුද්ගලයෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට අවශ්‍ය නම් අවශ්‍යතාවය පරිදි ඉතිරිව පවත්නා සයිනොෆාම් එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු සම්බන්ධ කරගනිමින් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ, රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (02) අදහස් දක්වමිනි.

එන්නත් මධ්‍යස්ථාන මේ වන විට ක්‍රියාත්මක නොවන බවද, යම් කෙනෙකුට එන්නත ලබාගැනීමට අවශ්‍යනම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාව සම්බන්ධ කරගන්නා ලෙසද වැඩිදුරටත් පැවසුවේය.

මිලියන 06කට ආසන්න ෆයිසර් එන්නත් ප්‍රමාණයක් කල් ඉකුත්වී ඇතැයිද, මේ වන විට හතරවෙනි මාත්‍රාව ලක්ෂ 02 ඉක්මවා ලබාගෙන ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.

කල් ඉකුත් වූ එන්නත් නිසි පරිදි බැහැර කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.