Friday, 29 March 2024

ලෝක ලාදුරු දිනය අදයි

Posted On Sunday, 29 January 2023 16:39

ලෝක ලාදුරු දිනය අදයි

 

ලෝක ලාදුරු දිනයට සමගාමීව ක්‍රියාත්මක, ලාදුරු දින ජාතික වැඩසටහන හා පා ගමන අද (29) මොරටුවේ දී ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

පා ගමන පෙ.ව 9.30 ආරම්භ වීමට නියමිතය. 1995 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ලාඳුරු තුරන් කළ රටක් ලෙස සහතික කළ ද වසර 2000 පමණ වන විට රෝගීන් වාර්තා වී තිබේ. 2022 වසර වන විට ලාඳුරු රෝගීන් 1325ක් මෙරටින් වාර්තා වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙයි.

මෙන් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්ත වී තිබෙන්නේ මොරටුව හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලනි.වාර්තා වන රෝගීන්ගෙන් සියයට 10%ක් වයස අවුරුදු 14ට අඩු දරුවන්වීම විශේෂත්වයයි.

ලාදුරු රෝගය පාලනය කිරීමට මහජන සහයෝගය අවශ්‍ය බව පෙන්වා දෙන රංජිත් බටුවන්තුඩාව මහතා,මෙම අරමුණින් ''අදින් අරඹමු-ලාදුරු වළකමු'' වැඩසටහනක් ලාදුරු මර්දන ව්‍යාපාරය දියත් කර තිබෙන බව කීය.