Sunday, 28 April 2024

බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට හේතු සෙවීමට තේරීම් කාරක සභාවක්

Posted On Thursday, 06 July 2023 18:33


රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය බංකොලොත් භාවයට හේතු සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ගේ නායකත්වයෙන් යුත් මෙම කමිටුව මුල්‍ය බංකොලොත් භාවයට හේතු සොයා බලා ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කරනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඩී.වී.චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, එරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ; හර්ෂණ රාජකරුණා; මේජර් ප්‍රදීප් උඳුගොඩ; සංජීව එදිරිමාන්න; නාලක බණ්ඩාර කෝට්ටේගොඩ; ශානකියන් රාජපුතීරන් රසමානික්කම්; සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්ම මහත්මිහු එම කමිටුවේ සාමාජිකත්වය දරති.