Sunday, 28 April 2024

නයිජීරියානු ජාතිකයෙකුට මරණ දණ්ඩනය

Posted On Thursday, 06 July 2023 19:35

 

කොකේන් ග්‍රෑම් 249ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (06) මරණ දඬුවම නියම කර ඇත.
 
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ රථගාලකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොකේන් ග්‍රෑම් 249ක් සමඟ මෙම නයිජීරියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබුණි. පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව නඩුව ඔප්පු කර ඇති බව මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නිරීක්ෂණය කළේය.
 
විත්තිකරුවන්ට එරෙහිව විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ පනත යටතේ චෝදනා දෙකක් ඇතුළත් අධිචෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණි.