Monday, 29 April 2024

වැග්නර්ගේ කුලී හේවා කණ්ඩායම බර අවි භාරදීම සම්පූර්ණ කරයි.

Posted On Friday, 14 July 2023 04:58

වැග්නර්ගේ කුලී හේවා කණ්ඩායම බර අවි භාරදීම සම්පූර්ණ කරයි.

 

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, වැග්නර් කුලී හේවා කණ්ඩායම කෙටි කාලීන කැරැල්ලකින් සති දෙකකට පසුව, සිය මිලිටරි බර අවි සහ ආයුධ නිත්‍ය සන්නද්ධ හමුදාවන්ට භාරදීම සම්පූර්ණ කරමින් සිටී.

යුද ටැංකි, ජංගම රොකට් ලෝන්චර් සහ ගුවන් යානා නාශක පද්ධති ඇතුළු මිලිටරි අවි 2,000 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව අමාත්‍යාංශය බදාදා (12) නිවේදනය කළේය.

"විවිධ පතොරම් ටොන් 2,500 කට වැඩි ප්‍රමාණයක් සහ කුඩා අවි 20,000 ක් පමණ" ලබා දී ඇති බව එහි සඳහන් වේ. බොහෝ උපකරණ, මීට පෙර සටන් සඳහා භාවිතා කර නොතිබුණි. විදෙස් මාධ්‍ය පවසා ඇත.