Sunday, 28 April 2024

රාජිතට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 22 වැනිදාට

Posted On Friday, 14 July 2023 05:09

රාජිතට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 22 වැනිදාට

 

මෝදර ධීවර වරාය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති දූෂණ නඩුව සැප්තැම්බර් 22 වැනි දින විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.

2014 වසරේ මහින්ද සමයේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කො සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන අයට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. හිටපු අමාත්‍යවරයා 2014 අගෝස්තු 01 වැනිදා සිට 2014 නොවැම්බර් 1 වැනිදා දක්වා කාලය තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූකේ පුද්ගලික සමාගමට අඩු මිලට බදු දීමට නීති විරෝධී ලෙස තීරණය කළ අල්ලස් කොමිසම චෝදනා කරයි. මෙම ගනුදෙනුවෙන් රජයට නීතිවිරෝධී පාඩුවක් සිදුවන බව දැන සිටි හිටපු අමාත්‍යවරයා ධීවර වරාය Sea Gulf UK Private Ltd සමාගමට බදු දීමට CFHC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පොළඹවා ඇති බව දක්වමින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 113 සහ 102 වගන්ති යටතේ චෝදනා පහක් යටතේ මෙම අධිචෝදනා ගොනු කර තිබුණි. පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 17 දෙනෙකු නම් කර නඩු භාණ්ඩ ලෙස ලේඛන 55ක් ලැයිස්තුගත කර ඇත.