Sunday, 28 April 2024

පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 54 දක්වා ඉහළට

Posted On Wednesday, 02 August 2023 04:57

පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 54 දක්වා ඉහළට

 

තලේබාන් ගැති පූජකවරයෙකුගේ මැතිවරණ රැලියක් ඉලක්ක කරගත් දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගියේය.

පුද්ගලයන් 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීම කිසිවකු වහාම භාර ගත්තේ නැත. ඉස්ලාමීය රාජ්‍ය කන්ඩායමේ කලාපීය අනුබද්ධ ආයතනය වගකිව යුතු බවට ඔවුන්ගේ මූලික විමර්ශනයෙන් යෝජනා වී ඇති බව පොලිසිය පැවසීය.

වින්දිතයින් දැඩි මතධාරී පූජකයෙකු සහ දේශපාලඥයෙකු වන ෆස්ලූර් රෙහ්මාන්ගේ ප්‍රධානත්වයෙන් ජමියට් උලමා ඉස්ලාම් පක්ෂය විසින් සංවිධානය කරන ලද රැලියකට සහභාගී වෙමින් සිටියහ. ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතේ දිස්ත්‍රික්කයක් වන බජුර්හි වෙළඳපොළක් අසල විශාල කූඩාරමක් යට පැවති රැලියට ඔහු සහභාගී නොවීය.