Saturday, 27 April 2024

CPC – IOC ඉන්ධන මිල සංශෝධනය කරයි.

Posted On Wednesday, 02 August 2023 05:06

CPC – IOC ඉන්ධන මිල සංශෝධනය කරයි.

 

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය ඇත.

 ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් ඇති අතර එය රුපියල් 348 කි.

 ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 306 දක්වා රුපියල් 2කින් අඩු කර තිබේ.

 භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 226 කට ලබා ගත හැකි බව සංස්ථාව පවසයි.

 සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 358 කි.

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමගාමීව ඉන්ධන මිල සංශෝධනය වන බව IOC සමාගම ප්‍රකාශ කරයි.