Sunday, 28 April 2024

ජාතික ගීය ගායනා කළ ආකාරය ගැන පොලිස් විසින් විමර්ශන

Posted On Thursday, 03 August 2023 07:14

ජාතික ගීය ගායනා කළ ආකාරය ගැන පොලිස් විසින් විමර්ශන

 

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමෙන් අනතුරුව, පොලීසියට පැමිණිලි රැසක් ලැබීමත් සමඟ ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය ගැන නීතිමය අංශ පිළිබඳව පොලිස් නීති කොට්ඨාසය අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය නීතිපතිවරයාගෙන් ද උපදෙස් ලබා ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළේය.

වවුනියාව බන්ධනාගාරයට සරම්ප ව්‍යාප්තිය

රැඳවියන් කිහිප දෙනකුට සරම්ප රෝගය වැළඳී ඇති බව අනාවරණය වීමත් සමඟ වවුනියාව බන්ධනාගාරය අගෝස්තු 15 වැනිදා දක්වා වසා ඇත.

වව්නියාව බන්ධනාගාරයේ පවතින තත්ත්වය හේතුවෙන් අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත් වූ නවක සැකකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරුකර යමින් තිබේ.

මේ අතර, සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන් අධිකරණයේ සාක්ෂි ලබාදීමට නියමිත බව බන්ධනාගාර බලධාරීහු පවසති. සියලුම රැඳවියන් සහ බන්ධනාගාර නියාමකවරුන්ට සරම්ප සඳහා අවශ්‍ය එන්නත් සහ ඖෂධ ලබාදී ඇති බව බන්ධනාගාර බලධාරීහු පවසති.