Saturday, 27 April 2024

ඉන්දීය මුදල් නෝට්ටු සන්තකයේ තබාගත් පකිස්ථාන ජාතිකයෙකුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක්

Posted On Thursday, 03 August 2023 08:21

ඉන්දීය මුදල් නෝට්ටු සන්තකයේ තබාගත් පකිස්ථාන ජාතිකයෙකුට වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක්

 

ඉන්දියානු රුපියල් 500 මුදල් නෝට්ටු 361 ක මුදලක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් පකිස්ථානජාතිකයෙකු සඳහා කොළඹ මහාධිකරණය විසින් වසර 7 කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළේය. විත්තිකරු 2013 ජූලි 15 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹදී ඉන්දියානු රුපියල් 361ක් සන්තකයේතබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහොමඩ් තාහීර් නමැති විත්තිකරුට රුපියල් 50,000ක දඩයක් ගෙවන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත්තොටවත්ත නියෝග කළේය.