Tuesday, 17 June 2025

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ ෆේස්බුක් පිටුව

Posted On Wednesday, 16 August 2023 04:53

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ ෆේස්බුක් පිටුව

 

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ෆේස්බුක් පිටුව බලහත්කාරයෙන් ඇතුළු වී ඇත.

තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඔහු කියා සිටියේ තම ෆේස්බුක් පිටුවට ඇතුඵ වී ඇති බව දැන ගත්තේ අගෝස්තු 13 වැනිදා බව දක්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තම පිටුව යථා තත්ත්වයට පත් කරන තුරු කිසිදු තොරතුරක් පළ නොකරන සදහන් කරයි.