Sunday, 28 April 2024

විපක්ෂ නායක සජිත් ගේ යෝජනාවට පාර්ලිමේන්තුවෙන් කැමැත්ත

Posted On Monday, 25 September 2023 08:24

විපක්ෂ නායක සජිත් ගේ යෝජනාවට පාර්ලිමේන්තුවෙන් කැමැත්ත

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියළුම කාරක සභාවලින් ඉවත් කිරීමේ යෝජනාවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය කිරීම අත්හිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කළ අතර යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා සිදුකළ නීතිවිරෝධී විෂමාචාර ක්‍රියාව විමර්ශනයක් සඳහා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කර එම තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු කාරක සභාවලට අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධ වීමෙන් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින අතර, පාර්ලිමේන්තුව විසින් අලී සබ්රි රහීම් කාරක සභා නියෝජනය නොකළ යුතු බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.

විපක්ෂ නායකවරයා විසින් ගෙන ආ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ස්ථිර කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.