Monday, 29 April 2024

නිපා වෛරසය ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවේ

Posted On Monday, 25 September 2023 08:32

නිපා වෛරසය ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවේ

 

සතුන් ආහාරයට ගත් පලතුරු වැනි දේ ආහාරයට ගැනීමෙන් වෛරසය ජනතාව අතරට

නිපා වෛරසයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත් ගිනිගේ මහතා පවසන්නේ මෙම වෛරසය වවුලන් විශේෂයකින් ව්‍යාප්ත වුවද මෙරටට එහි බලපෑමක් නොමැති බවයි.

මෙම වෛරසය 1998 දී මැලේසියාවෙන් ප්‍රථම වරට වාර්තා වූ අතර කාලෝචිත ක්‍රියාමාර්ග මගින් එය පාලනය කර ඇත. මෙම වෛරසය කේරළයේ සුළු වශයෙන් ව්‍යාප්ත වී ඇතත් එය අලුත් වෛරස් ආසාදනයක් නොවන බව ඔහු පවසයි. දැනට මෙම රෝගය පවතින කේරලයේ රෝගී අවස්ථා හතරක් පමණක් 2018 සහ 2023 අතර කාලයේ දී වාර්තා වී ඇත.

වවුලන්ගේ අසූචි සහ මුත්‍රා මගින් වෛරසය පැතිර යන බවත් එම සතුන් ආහාරයට ගත් පලතුරු වැනි දේ ආහාරයට ගැනීමෙන් වෛරසය ජනතාව අතරට පැතිරෙන බවත් අනාවරණය වී ඇතැයි වෛද්‍ය ගිනිගේ මහතා පැවසීය.