Sunday, 28 April 2024

පොල් විකුණන අබුබකර් වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමැති ඉදිරිපත්වේ

Posted On Monday, 25 September 2023 08:40

පොල් විකුණන අබුබකර් වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමැති ඉදිරිපත්වේ

 

අබු බකර් නැමැත්තෙකු සාරා ජැස්මින් පැහැර ගැනීම තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත. අලස් පාර්ලිමේන්තුවේදී කියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව පෙඩරල් ඉන්වෙස්ටිගේෂන් ඒජන්සිය සහ ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අවසන් කර ඇති බවත්, එම පරීක්ෂණ මත පදනම්ව නඩු පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“අබු බකර් නමැත්තෙකු කවදා හෝ සහරා ජැස්මින්ව මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවට සාක්ෂි නැති අතර නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී ඇති විමර්ශන වාර්තාවෙන් තමන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගොනු නොකරන ලෙසට දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කළේය.

“එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව අබුපකර්ට එරෙහිව නඩුවක් පවරනලද අතර ඔහුගේ වැඩ තහනම් කරන ලද බව ද, අබුබක්ර් වසර ගණනාවක් සිරගතව සිටිමින් දැන් පොල් ගෙඩි විකුණන බවද ඇමැතිවරයා කීය.