Sunday, 28 April 2024

බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ බවට වරදකරු වූ පුද්ගලයෙකුට සිරදඬුවමක්

Posted On Monday, 25 September 2023 08:45

බිරිඳ ඝාතනය කිරීමට තැත් කළ බවට වරදකරු වූ පුද්ගලයෙකුට සිරදඬුවමක්

 

වීරවිල ප්‍රදේශයේදී තම බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කිරීමට මීට වසර පහකට පෙර තැත් කළ බවට වරදකරු වූ පුද්ගලයකුට වසර 13ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රු. 10,000 ක දඩයක් හම්බන්තොට මහාධිකරණය නියම කර ඇත.

වීරවිල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට ආරවුලක් විසඳීමට පැමිණි පොලිස් නිලධාරීන් ඉදිරිපිට මෙම පුද්ගලයා බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීමට උත්සාහ කළ අතර ඔහුගේ බිරිඳ සඳුන්ගම තිස්සමහාරාමයේ ග්‍රාම නිලධාරීවරියකි.