Sunday, 28 April 2024

ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයති

Posted On Monday, 25 September 2023 09:06

 ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයති

 

මැලේසියාවේ සෙන්තුල් ක්වාලාලම්පූර් හි සාප්පු සංකීර්ණයක තිබී ශ්‍රී ලාංකික පිරිමි මළ සිරුරු තුනක් පසුගිය දා සොයා ගත් අතර ළාතකයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මැලේසියානු පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූවන් සමග සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියට පෙර ආරවුලක් ඇති කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටී.

පුද්ගලයන් සොයන පොලිස් කණ්ඩායම් හතරක්

ගාල්ල, චීන කොටුවේ දී ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී වී. චානකගේ මාමණ්ඩිය වන අතර ඔහුගේ ජීප් රථය පසුපසින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුගේ ජීප් රථයට වෙඩි තැබීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ව්‍යාපාරිකයා ගාල්ල නගරයේ පිහිටි තම රෙදිපිළි අලෙවිසැල වසා නිවසට පැමිණෙමින් සිටි අතරතුර සිද්ධිය වාර්තා වී ඇති බව පොලිසිය සඳහන් කළේය. දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ දැඩි අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.