Friday, 03 May 2024

වෙරළ හානිය සඳහා දරන ලද වියදම් පියවා ගැනීම සඳහා අතුරු ගෙවීමක්

Posted On Monday, 25 September 2023 09:08

වෙරළ හානිය සඳහා දරන ලද වියදම් පියවා ගැනීම සඳහා අතුරු ගෙවීමක්

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළ තීරයට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 8,90,000 ක අන්තර්කාලීන ගෙවීමක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා පවසා ඇත.

මීට අමතරව එක්ස් ප්‍රෙස් පර්ල් යාත්‍රාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන දහයකට වැඩි මුදලක් වන්දි වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයේ ඇති වූ දූෂණය පිරිසිදු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැරූ වියදම් පියවා ගැනීම සඳහා මෙම අතුරු ගෙවීම සිදු කර ඇති බව වාර්තා වේ. නෞකාවේ රක්ෂණ සමාගම විසින් මුදල් ගෙවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවරයින්ට සිදුවූ අලාභහානි වෙනුවෙන් ද වන්දි ඉල්ලා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසන අතර  ධීවරයින්ගේ ජීවනෝපායට සිදු වූ හානිය සඳහා වන්දි ගෙවීමට අදාළ රක්ෂණ සමාගම සලකා බලමින් සිටින බවත් අනාවරණය වේ.