Friday, 03 May 2024

ඌරෙකුගේ හදවත සහිත දෙවන බද්ධය

Posted On Monday, 25 September 2023 09:12

ඌරෙකුගේ හදවත සහිත දෙවන බද්ධය

 

බෝල්ටිමෝර් හි ශල්‍ය වෛද්‍යවරුන් විසින් ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවත දරුණු හෘද රෝගයක් සහිත පුද්ගලයෙකුට බද්ධ කර ඇති අතර වෙනත් විකල්ප ප්‍රතිකාර බලාපොරොත්තුවක් නොතිබූ හෙයින් මෙම තීරණය ගත් බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය සිකුරාදා නිවේදනය කළේය.

මෙය ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කල මෙම ආකාරයේ දෙවන සැත්කම වශයෙන් ඉතිහාසයට එක්වෙයි. පළමු රෝගියා වූ ඩේවිඩ් බෙනට් (57) ඔහුගේ බද්ධ කිරීමෙන් මාස දෙකකට පසු මිය ගිය නමුත් ඌරු හදවත හොඳින් ක්‍රියාත්මක වූ අතර උග්‍ර ඉන්ද්‍රිය ප්‍රතික්ෂේප කිරීමේ කිසිදු සලකුණක් නොතිබුණිග

දෙවන රෝගියා වන ලෝරන්ස් ෆවුසෙට් (58) නාවික හමුදා විශ්‍රාම නිලධාරියෙකු සහ විවාහක දෙදරු වන අතර බද්ධ කිරීමේ සැත්කමට භාජනය වීමෙන් පසු “හොඳින් සුවය ලබමින් ඔහුගේ ආදරණීයයන් සමඟ සන්නිවේදනය කරමින් සිටින” බව වෛද්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හෘද රෝග සහ වෙනත් සංකීර්ණ වෛද්‍ය තත්වයන් ඇති ෆවුසෙට් මානව පරිත්‍යාගශීලීන්ගේ අවයව භාවිතා කළ හැකි සියලුම බද්ධ කිරීමේ වැඩසටහන් වලින්ජීවත් කළ නොහැකි රෝගියෙකු බව නිවේදනය කර ඇත.(නිව් යෝර්ක් ටයිම්ස්)