Friday, 03 May 2024

රාජ්‍ය බලය ලබාගැනීම ගැන සරත් ෆොන්සේකා ගෙන් ප්‍රකාශයක්

Posted On Monday, 25 September 2023 09:15

රාජ්‍ය බලය ලබාගැනීම ගැන සරත් ෆොන්සේකා ගෙන් ප්‍රකාශයක්

 

තමාට කවදා හෝ බලය ලැබුණහොත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ගැටළු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට පාඩමක් උගන්වන බව

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (22)ප්‍රකාශ කළේය.

එයඑක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ලබාදුන් පොරොන්දුවක් මත බව ද ඔහු ප්‍රකාශ කළේය.

වැලිඔය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ෆොන්සේකා කියා සිටියේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කඩා වැටී ඇති බවත්, ජනතාවට තුන්වේල කන්නවත් නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

වත්මන් රජය මහජන බිය නිසා මැතිවරණ කල් දමමින් සිටින බව ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටි අතර “ඒ වගේම රටේ වත්කම් විකිණෙනවා.මේ රටේ දේශපාලකයින්ගෙන් බාගයක් දූෂිතයි, තවත් 35%ක් බලලෝභී ප්‍රභූන්, ඉතිරිය මහන්සි වී වැඩ කරන බුද්ධිමතුන්. බව ද ඔහු පැවැසීය.