Monday, 05 May 2025

මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක්

Posted On Wednesday, 27 September 2023 16:44

මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක්

 

පසුගිය සතියේ ක්වාලාලම්පූර්හි සෙන්තුල්හිදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනෙකු මැලේසියානු පොලිසියට භාර වී ඇත

සෙනසුරාදා (23) වාර්තා වූ ත්‍රිත්ව ඝාතන සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය පරීක්ෂණ කිරීමෙන් පසු සැකකරුවන් භාර වී ඇත. ක්වාලාලම්පූර්හි සෙන්තුල්හි ජලාන් පර්හෙන්ටියන් හි නිවසක ශ්‍රී ලාංකික පිරිමින් තිදෙනෙකු දෑත් සහ පාද බැඳ හිස ප්ලාස්ටික් බෑග්වලින් ආවරණය කර තිබියදී මියගොස් තිබුණි.