Saturday, 27 April 2024

පූර්ණ පරික්ෂණයක් ඉල්ලා උතුරේ නීතීඥයෝ විරෝධතාවයක

Posted On Wednesday, 04 October 2023 06:03

පූර්ණ පරික්ෂණයක් ඉල්ලා උතුරේ නීතීඥයෝ විරෝධතාවයක

 

මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතීඥවරුන් අධිකරණ කටයුතු වර්ජනය කර ඇත.

මහේස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

නීතීඥවරුන් නඩු විභාගයට නොපැමිණීම හේතුවෙන් පළාතේ අධිකරණවල දෛනික කටයුතු අඩාල විය.

මුලතිව් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු මුලතිව් නීතිඥ මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු සිය උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වෙති.