Saturday, 27 April 2024

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් .

Posted On Friday, 06 October 2023 06:08

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් .

 

සමඟි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සහ සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ සභාපති රෙහාන් ජයවික්‍රම ඇතුළු පෙත්සම්කරුවන් තිදෙනෙකු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී එල් පීරිස් සහ සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ සභාපති රෙහාන් ජයවික්‍රම යන මහත්වරුන් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකට ලක්කර ජනතා අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිති.

පනත් කෙටුම්පතේ විධිවිධාන යටතේ නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීම සහ දඩුවම් කිරීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස අවහිර කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවෝ පැවසූහ.

යෝජිත පනත් කෙටුම්පත මගින් දැනට පවතින ප්‍රඥප්තීන් යටතේ දැනටමත් වරදක් වන හැසිරීම් වලට දඩුවම් පමුණුවන බවත්, එමගින් සමාන්තර හා වඩාත් දැඩි නීතිමය රාමුවක් සකස් කරන බවත්, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය වන බවත් ඔවුහු පැවසූහ.

පෙත්සම්කරුවන් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්පුර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය උල්ලංඝනය කරන බව ද දක්වයි.