Sunday, 28 April 2024

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Posted On Monday, 09 October 2023 06:05

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

 

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.