Saturday, 27 April 2024

ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට සූදානම්

Posted On Thursday, 12 October 2023 07:52

ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට සූදානම්

 

අවශ්‍යතාවයක් මතුවුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කරගැනීමට පියවර ගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිරීක්ෂණය කරන බවත්, ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රමුඛ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මේ සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් ඔහු පවසයි.

පවතින යුද්ධය හේතුවෙන් අවශ්‍ය වුවහොත් ඔවුන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය දූත මණ්ඩල සමඟ සමීපව කටයුතු කරන බවද ඔහු පැවසීය.