Saturday, 27 April 2024

මඩකලපුව දිස්ත්‍රික්කයේ නව මන්ත්‍රී පදවියක්

Posted On Thursday, 12 October 2023 08:27

මඩකලපුව දිස්ත්‍රික්කයේ නව මන්ත්‍රී පදවියක්

 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අලි සහීර් මවුලානා සෙයියාද් මහතා මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නුසුදුස්සෙකු වීමත් සමඟ මැතිවරණ කොමිසම මවුලානා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර තිබේ.‍

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය නුසුදුස්සෙකු වීමත් සමඟ නවවැනි පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් ඇති වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.