Saturday, 27 April 2024

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 17ක්

Posted On Thursday, 12 October 2023 08:33

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 17ක්

 

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් විශේෂ නිර්ණය කිරීමේ පෙත්සම් 17ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. මෙම පෙත්සම් ඔක්‌තෝබර් 18 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමය, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක යූනියන් එරංග ගුණසේකර, මාධ්‍ය නීති සංසදය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, චමින්ද ඩයස්, එම්.කේ. ද සිල්වා, ඩබ්ලිව්.සී.ජේ. පීරිස්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, රංග කලංසූරිය, විද්‍යානන්ද ජයවීර, බී.ජේ.එස්. ප්‍රනාන්දු, සහ එම්.ආර්.එම්. නාජා පෙත්සම්කරුවන් වන බව දැක්වේ.

පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත 2023 සැප්තැම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර 2023 ඔක්තෝබර් 3 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තැන්පත් කරන ලදී.