Monday, 29 April 2024

සරණ ගුණවර්ධන දූෂණ නඩුවෙන් නිදහස්

Posted On Thursday, 12 October 2023 17:21

සරණ ගුණවර්ධන දූෂණ නඩුවෙන් නිදහස්

 

හිටපු ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා දූෂණ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.

පසුගිය පාලන සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් කෝටියකට අධික රාජ්‍ය වාහනයක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කර තිබුණි.

2006 අගෝස්තු 01 වැනිදා සිට 2007 ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ මෙම වරද සිදු කළ බවට සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ නඩුවක් පවරා තිබිණි.

නඩුව පවත්වාගෙන යාම අභියෝගයට ලක් කරමින් විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා විත්තිකරු නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය.