Monday, 29 April 2024

ඉරාන ජාතිකයින් නව දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Posted On Thursday, 12 October 2023 17:29

ඉරාන ජාතිකයින් නව දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

 

අකුරල මහ මුහුදේ ශ්‍රී ලංකා භූමිය තුළ හෙරොයින් ජාවාරම් කළ, කිලෝග්‍රෑම් 84ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් නව දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (12) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

වරදකරුවන් 9 දෙනා 2019 පෙබරවාරි 24 වන දින අකුරල මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සොයාගත් හෙරොයින් තොගය පරීක්‍ෂා කර වාර්තාවක් සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇත.

කිලෝග‍්‍රෑම් 84ක පමණ ප‍්‍රමාණයේ ඇසුරුම්වල හෙරොයින් තිබී ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු විය.