Monday, 29 April 2024

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය

Posted On Friday, 13 October 2023 17:11

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය

 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හදිසි අවශ්‍යතා, විශේෂයෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු සහයෝගයෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට හැකි උපරිම සහය ලබාදීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

විවිධ අරමුණු සඳහා ඊශ්‍රායලයේ සේවය කරන හෝ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන් හෝ ඒ ආශ්‍රිත දුෂ්කරතා වලදී ශ්‍රී ලංකා බලධාරීන්ට සෘජුවම දැනුම් දීම සඳහා නාලිකා වෙත ප්‍රවේශය දැන් තිබේ. පහත සම්බන්ධතා විකල්ප හරහා සම්බන්ධ වීමෙන් ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට හෝ අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිය:

දුරකථනය: (+94) 117966396

WhatsApp: (+94) 767463391

විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ථාපිත සංක්‍රමණ ක්‍රියා පටිපාටි හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සේවාවන් ලබාගත හැකි බව රජය අවධාරණය කරයි.