Monday, 29 April 2024

සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන තත්ත්වයක්

Posted On Friday, 13 October 2023 17:17

සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන තත්ත්වයක්

 

ශ්‍රී ලංකාවට නොපෙනෙන වළයාකාර සූර්යග්‍රහණයක් ලබන සෙනසුරාදා (ඔක්තෝබර් 14) සිදුවනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට දිස්වන අර්ධ චන්ද්‍රග්‍රහණයක් ඔක්තෝම්බර් 28 වැනිදා සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශ ප්‍රධානී සහ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

වළයාකාර සූර්යග්‍රහණය ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව, කොලොම්බියාව සහ බ්‍රසීලයේ කොටස්වලට ද දැක ගත හැකිය. කෙසේ වෙතත් එය ලංකාවට නොපෙනේ. ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් මෙම සූර්යග්‍රහණය ආරම්භ වන්නේ රාත්‍රී 8.34 ටය. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්තෝබර් 14 වන දින සහ බ්‍රසීලය අසල ඔක්තෝබර් 15 වන දින අලුයම 2.25 ට අවසන් වේ.

සාමාන්‍යයෙන්, සති දෙකක පරතරයක් සහිත පේළියක සූර්යග්‍රහණ දෙකක් පවතී. දින 14කට පසුව ඔක්තෝබර් 28 වැනි දින රාත්‍රී 11.32 ට ආරම්භ වන අර්ධ චන්ද්‍රග්‍රහණයක් ද සිදුවනු ඇත. ඔක්තෝබර් 28 වැනි දින සහ ඔක්තෝබර් 29 වැනි දින උදෑසන 3.56 ට අවසන් වේ. මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාවේ බොහෝ ප්‍රදේශවලට දැකගත හැකිය. මෙම චන්ද්‍රග්‍රහණයේ අර්ධ අවධිය ඔක්තොම්බර් 29 වැනි දින අලුයම 1.05 සිට 2.23 දක්වා ශ්‍රී ලංකාවට දර්ශනය වන අතර උපරිම ග්‍රහණය අලුයම 1.44 ට සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.