Monday, 29 April 2024

ශ්‍රී ලංකාවේ සංචාරය අතරමග නතර කර ඉන්දියා විදේශ ඇමැතිවරයා හදිසියේ ආපසු හැරේ

Posted On Friday, 13 October 2023 17:26

ශ්‍රී ලංකාවේ සංචාරය අතරමග නතර කර ඉන්දියා විදේශ ඇමැතිවරයා හදිසියේ ආපසු හැරේ

 

ඉන්දියන් සාගර ආවරණ රටවල සමුළුවට සහභාගීවීම සදහා සිවුදින නිල සංචාරයකට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය  ආචාර්ය එස්. ජෙයශංකර් මහතා සිය සංචාරය අවසන් කරන්නට පෙර ආපසු කැදවා ඇත. ඔක්තෝම්බර් 10-12 දක්වා පැවැති මෙම සමුළුවට පැමිණි අමාත්‍යවරයා සදහා ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සිකුරාදා (13) දක්වා න්‍යාය පත්‍රය සකස් කර තිබුණ නමුත් එය හදිසියේ වෙනස් කිරීම ගැන රාජ්‍ය තාන්ත්‍රික අංශ මවිත වී ඇති බව අනාවරණය වේ.

ජෙයශංකර් මහතා මාධය හමු වූ නමුත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තීරණ ගැන යමක් වැඩිපුර සදහන් නොකිරීමට පරෙස්සම්වීම ගැන ද විද්වතුන්ගේ අවධානයට පත්ව ඇත.

ඉන්දීය ආණ්ඩුවේ ඉහළම බලකණුවක් වන හෙතෙම විදේශ කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාට සියුම් බලපෑම් කළ හැකි චරිතයක් වශයෙන් සැලකේ. ජෙයශංකර් මහතා මෙම වසර තුල දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණි අතර පසුගිය ජුලි මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉන්දීය සංචාරයට පසු පැමිණි පළමු වතාව බව දැක්වේ.