Sunday, 28 April 2024

බෙල්ට් ඇන්ඩ් රෝඩ් දහ වසරට ජනාධිපති

Posted On Friday, 13 October 2023 17:31

බෙල්ට් ඇන්ඩ් රෝඩ් දහ වසරට ජනාධිපති

 

එක තීරයක් එක මාවතක් යනුවෙන් චීනය ආරම්භ කළ මුහුදු සේද මාවත සංකල්පයෙ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල බීජිං හි පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනය බලා පිටත්ව යාමට නියමිතය.

සමුළුවට සහභාගීවීමේ දී ජනාධිපති ෂී ජින්පින්ග් ඇතුළු චීන නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සම්බන්ධ වී සිටින අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයට කලින් චීනය ණය ආපසු ගෙවීම සම්බන්ධ පහසුකම් ගැන පසුගිය දා විවෘත භාවය පළ කළේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වන අතර රනිල් මෛත්‍රී පාලන කාලය තුළ හම්බන්තොට වරාය චීනයේ ණයවලට හිලව් කිරීමෙන් පසු චීනයට කාරුණික භාවය දක්වන ලද බව කියැවේ.